මුහුණු පොතෙන්

වසර 35 ක් තිස්සේ පාක්ස්ථානයේ ඉස්ලාම්බාද් නුවර සත්වෝද්‍යානයක කල්ගෙවූ මෙරට හස්තියෙකුට නිදහස දෙන ලෙස ඉස්ලාම්බාද් මහාධිකරණය නියෝග කළේ ය.

ඒ අනුව මෙරට වනජිවි බලධාරීන් සමඟ සාකච්ඡා කර දින 30 ක් ඇතුළත එම එස්තියා නිදහස් කිරීමේ කටයුතු සිදු කරන ලෙස අධිකරණය දැනුම් දී ඇත.

1985 වසරේ කාවන් උපත ලබන්නේ ශ්‍රී ලකාවේදී ය.

එම වසරේ කාවන් පාකිස්ථානයට පරිත්‍යාග කෙරෙන්නේ දෙරට අතර පැවති සබඳතාවයන් තර කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත් එලෙස පිරිත්‍යාග කෙරුණු කාවන් ඉස්ලාම්බාද් සත්වෝද්‍යානයක කොටු කිරීමත් සමඟ වන සත්ත්ව අයිතීන් පිළිබඳ හඬ නගන්නන්ගේ අවධානය ඒ වෙත යොමු විය.

තනිව හැසිරුණු කාවන් අවස්ථා කිහිපයකදීම ප්‍රචණ්ඩ වූ බැවින් එම සත්ත්වයා දම්වැල් වලින් සිර කිරීමටත් සත්ව උද්‍යාන බලධාරීන් ක්‍රියා කළේ ය.

එම තීරණයටත් බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල විය.

බංගලාදේශයෙන් පැමිණි සහේලි නම් ඇතින්න වසර 5 කට පසු 1990 දී කාවන්ගේ තනි නොතනියට සිටියත් ඇය 2012 වර්ෂයේදී මෙලොව හැර යනවා එතැන් සිට කාවන්ට යළිත් උරුම වන්නේ හුදකලා ජිවිතයකි.

2015 වර්ෂයේදී එවක පාකිස්ථානු අගමැති නවාඩ් ෂරීෆ් වෙත යොමු කෙරුණු මහජන පෙත්සමකින්ද ඉල්ලා තිබු‍ණේ කාවන්ට නිදහස ලබා දෙන ලෙසයි.

2016 වසරේදී යදමින් බැඳි කාවන්ගේ අතිශය සංවේදී ඡායාරූප පෙළක්ම අන්තර්ජාලය පුරා සංසරණය විය.

ඒ කෙරෙහි අමෙරිකානු පොප් ගායිකා චේර්ගේ අවධානය යොමු වීමත් සමඟ අය සේව් කාවන් නමින් ව්‍යාපාරයක් දියත් කළේ මෙම හස්තියාගේ නිදහස පතමිනි.

වසර කිහිපයකට පෙර ඉස්ලාම්බාද් මහාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් මේ අතරතුර විභාගවෙමින් පැවතිණි.

චේර් ද එහි පාර්ශවකරුවෙකු ලෙස පෙනී සිටිමින් කාවන් වෙනුවෙන් හඬ අවදි කළා ය.

පෙත්සම් විභාගයේ තීන්දුව ලබා දෙමින් ඉස්ලාම්බාද් අධිකරණය නියෝග කළේ එම සත්ත්වයාට වහා නිදහස ලබාදිය යුතු බවය.

කාවන් පරිත්‍යාග කළ ලංකාවේ වන සත්ත්ව බලධාරීන්ගේ ද උපදේශකත්වයද ලබාගන්නා ලෙස අධිකරණය නියෝග කළේ ය.

මේ සියළු කටයුතු දින 30 ක් තුළ අවසන් විය යුතු බවත් අධිකරණය දැනුම් දුන්නේ ය.

මේ නඩු තීන්දුව ගැන චේර් සිය ප්‍රසාදය පළ කරමින් පකිස්ථානු රජයටද තුති පිදුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More