දේශීය පුවත්

ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශ හතළිස් හය යළි සංශෝධනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ​ඉල්ලා සිටියහ.

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා වන මෙම මාර්ගෝපදේශ හතළිස් හය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (27 වැනිදා) ප්‍රකාශයට පත් කළේය. මෙම මාර්ගෝපදේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බැවින් සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

ප්‍රා​යෝගිකව නොසිතා සමාජයට විහිළු සපයන ආකාරයෙන් මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සකස් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. කුලී රථ සේවා, ත්‍රිරෝද රථ භාවිතය, බයිසිකල් පැදීම, ඇවිදීමේ මංතීරු, සම්මන්ත්‍රණ හා වැඩමුළු, උපකාරක පන්ති, ප්‍රසිද්ධ රැස්වීම් ඇතුළු ක්ෂේත්‍ර හතළිස් හයක් සඳහා සකස් කළ මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් ජනාධිපතිවරයා වෙතද ඉදිරිපත් කර ඇත.

මෙම මාර්​ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී අදාළ ක්ෂේත්‍රයට අවශ්‍ය වන සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍ය සහතික පළාත් පාලන ආයතවලින් ලබා ගැනීමට නිර්දේශ කිරීම විහිළුවක් බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවැසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More