දේශීය පුවත්

අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට කිසිම ​රෝගී පුද්ගල කණ්ඩායමක් සිය රටින් නෙරපා හැරීමට හෝ පලවා හැරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. එම නිසා අදාළ ප්‍රඥප්තීන්ට බැඳී සිටින රටවල් තමන්ගේ යුතුකම් ඉටුකළ යුතු බැවින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් යම් ​රෝගී තත්ත්වයකට පත්ව ඇත්නම් එම රටවල් මගින් ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ‘‘ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේත් ඒ ක්‍රමවේදය. ශ්‍රී ලංකාවේ විදේශීය රෝගියෙක් හමුවුණහම සම්පූර්ණ ප්‍රතිකාර කරලා ඔවුන්ගේ සුවය වෙනුවෙන් කටයුතු කරනවා. ලෝකෙ හැම රටකම මේක නිසියාකාරයෙන් නොවෙන්න පුළුවන්.

අපි මුලින්ම විදේශයන්හි සිටින සිසුසිසුවියන් ගෙන්නුවා. ඊට පස්සේ දැන් මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම ආරම්භ කරලා තියෙනවා. නමුත් දැන් උද්ගත වෙලා තියෙන තත්ත්වය මත එක්වරම පැහැදිලි ක්‍රමවේදයක් ප්‍රකාශ කරන්න අමාරුයි. පසුගිය දින කීපයේ ක්වෙට්හි සිටි මෙරටට ආපු අහස් යානා දෙකෙන් පැමිණි හාරසිය හැට හයෙන් තුන්සිය පනහකටම වයිරසය ආසාදනය වෙලා තියෙනවා.’’ යැයි ඔහු කියා සිටියේය.

මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (27 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත. ඔවුන් ඉදිරියේදී මෙරටට ගෙන්වන ගුවන් ගමන් අතර කාලපරතරයක් තබා ගතයුතු බවත් එහිදී නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ පිළිබඳවද විශේෂයෙන්ම සලකා බැලිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය. කෙසේ වෙතත් විදේශගතව රැඳී සිටියදී රෝගී තත්ත්වයට පත්වන පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අදාළ රටවල් බැඳී සිටින බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More