කඩිනමින් මහා මැතිවරණයක් පවත්වා ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ්-19 වසංගත අභියෝගය මධ්‍යයේ රටේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කළුතර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සදහා පවතින පසුබිම පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් මෙතෙක් පැහැදිලි තිරණයක් ප්‍රකාශ කර නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා සඳහන් කළේය.
මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස පත්වු දින සිට දිගින් දිගටම මැතිවරණ කල් දැමීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩි.වි චානක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...