කුවේට්හි සිට ශ්‍රී ලංකාවට එවන ලද ලාංකික ශ්‍රමිකයන් තෝරා බේරා ගත් කොරෝනා රෝගීන් බවත් එය ශ්‍රී ලංකාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් හා සමාන බවට හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර තිබෙන ප්‍රකාශයට ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය මේ වන නිල වශයෙන් දක්වා තිබේ.
ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඒ සම්බන්ධයෙන් පක්ෂයේ විරෝධය ලිඛිතව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඉදිරිපත් කොට තිබේ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බවත් කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රමිකයන් 441ක් දෙනාගෙන් 4 දෙනෙකු සැක පිට රෝහල්ගත කළ බවත් ඉන් එක් අයෙකුට පමණක් කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු බව හදුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.
එළඹෙන මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...