දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නාවික සහ විදෙස්ගතව සිට පැමිණ ඇති ශ‍්‍රමික පොකුරු නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත් කොරෝනා දෙවැනි රැුල්ලක අවදානම නැවත රට තුළ මතුවිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ ( 28 වැනිදා* ‘දිවයින’ ට සඳහන් කළේය.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියාව, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට දෙවන කොරෝනා රැල්ලක අනතුරු අඟවා ඇති බවත් එහෙයින් ඉහත රෝගීන් පොකුරු කළමනාකරණය කර ගැනීම අතිශය වැදගත් බවත් හෙතෙම පැවසීය.

මෙම කටයුත්ත සඳහා දුරස්ථකරණය, ස්වයං ස්වස්ථතාව, විෂබීජ හරණය සහ මුහුණු ආවරණය යන සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් හී ඉංග‍්‍රීසි වචනයන්හි මුල් අකුරු වලින් සැකසී ඇති (DREAM) සංකල්පයේ මාර්ගෝපදේශනයන්ට අනුගත වෙමින් ජනතාව කටයුතු කිරීම ඉතා වැදගත් යැයි ද හෙතෙම සඳහන් කළේය.

විදෙස්ගතව සිටින මෙරට පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී මෙරට රෝහල් පද්ධතියේ දැනට පවතින ධාරිතාව සහ නිරෝධායන මධ්‍යස්ථානයන්හි පවතින ඉඩ පහසුකම් පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය යැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.

එසේ නොවුණහොත් පවතින යහපත් තත්ත්වය වහා වෙනස් විය හැකි යැයිද හෙතෙම අනතුරු ඇඟවීය.

විදෙස්ගත ශ‍්‍රමිකයන් ගෙන්වා නොගන්නා ලෙස මින් කිසිසේත් අදහස් නොවන බවත්, ඔවුන් මවු රටට ගෙන්වා ගැනීම මනා කළමනාකරණයක් යටතේ සිදු විය යුතු බව එහි අදහස බවත් හෙතෙම සඳහන් කළේ ය.

රට තුළ මෙම වෛරසය හොඳින් පාලනය කර ඇතත් සක‍්‍රීය රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම එතරම් හිත සුව නැති බවත් හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More