දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ගන්නා ලෙසට මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් එක්කෝටි හැටනවලක්ෂයක් සුදුසුකම් ලබා සිටිති.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව මෙම කටයුතු අරඹන බවද මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොවිඩ් 19 වයිරස තත්ත්වයට පෙරදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය එකම අංශයක සිදුවූවත් මෙවර ඒ සඳහා අංශ කීපයක් යොදා ගැනීමට නියමිතය.

එමෙන්ම මුද්‍රණ කටයුතුවලදී පෙරට වඩා ආරක්ෂාව වැඩි කෙරෙනු ඇත. ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දින පහළොවත් විස්සත් අතර කාලයක් ගතවනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More