දේශීය පුවත්

මුහුණ දීමට ඇති දුෂ්කරතාව කුමක් වුවද “පළමුව ජනතාව” යන ප්‍රතිපත්තිය අත්හළ නොහැක්කේ අප වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනය නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“කොව්ඩ් 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබද ඉහළ පෙළේ වීඩියෝසම්මන්ත්‍රණයට අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වීඩියෝ සම්මන්ත්‍රණයපැවැත්විණ.

ආරම්භක ප්‍රකාශ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ (Justin Trudeau), ජැමෙයිකා අගමැති ඇනඩෘ හොලෙස් (Andrew Holness) එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේර්ස් මහත්වරු සිදු කළහ.

ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම බව ජනාධිපතිවරයා පැවසීය.

මහා පරිමාණ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයට දායක විය යුතුය.

අධ්‍යාපනය, සෞඛ්‍යය , කාන්තාවන් හා ළමයින්, නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගැන්විය යුතු වේ.

හදිසි ආධාර පහසුකම් තුලින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මේ කතිකාවත තුළින් එකඟත්වයක් මතු විය යුතු බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ගෝලීය වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන හා සේවා නියුක්තිය අඩපණ වී තිබේ. කොවිඩ් වසංගතය තිරසාර වූ ව්‍යාපාර හා ආර්ථිකයන් විනාශ කරමින් අස්ථාවර තත්ත්වයට පත් කර ඇත.

සැබෑ ආර්ථිකය තවදුරටත් ආදායම් හා රැකියා උත්පාදනය නොකරන හෙයින් රාජ්‍ය මූල්‍ය හිඟය ක්‍රමානුකූලව පහත හෙළමින් සිටි රටවල් පසුබෑමට ලක්ව තිබේ.

පහත වැටෙන ප්‍රවණතාවක පැවති ණය පරිමාව ඊට අනුරූපව ප්‍රත්‍යවර්තනයකට ලක්ව ඇත.

අක්‍රීය වත්කම් ඉහළ ගොස් ද්‍රවශීලතා අර්බුදයකට මුහුණදීමට සිදු වීමෙන් බැංකු ක්ෂේත්‍රයට පහර එල්ල වී තිබේ.

සමස්ත ඉතුරුම් – ආයෝජන සමීකරණය බිඳ වැටී ඇති අතර සංවර්ධනය සදහා මූල්‍ය සම්පාදනය මූල්‍යකරණය ගෝලීය ආර්ථිකයට අදාල මාතෘකාවක් වන්නේ මේ හේතුවෙනි.

මෙය රජයේ හා ව්‍යාපාරික ආයතනවල පාලනය ඉක්මවා ගිය අර්බුදයක් වන හෙයින් බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය නිල ණය ප්‍රදානය කරන ආයතන වෙතින් කොන්දේසි විරහිත අය වැය සහයෝගය සහ රාජ්‍ය ණය සඳහා ණය කල් දැමීමේ වන්දි ආකාරයෙන් අන්තර්ජාතික සහයෝගය ලැබි යුතු වන්නේ පෞද්ගලික ණය සහ ලාභාංශ වෙළෙඳ පොළෙහි විශ්වාසය ඉන් තහවුරු වන බැවින් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන්ට බිඳවැටුණු ආර්ථිකය නැවත ගොඩ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එවන් අවකාශයක් නිර්මාණය කිරීමේ විශේෂ වගකීමක් තිබේ.

ණය දීමේ සාමාන්‍ය කොන්දේසි මත තරයේ රැඳී නොසිටිය යුතුය.

බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටු කර ඇති හෙයින් හා රාජ්‍ය ණය ප්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණ ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More