දේශීය පුවත්

පාස්කු ඉරිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරවීමකට සූදානමින් සිට පසුව දෙහිවල නවාතැන්පොළක දී බෝම්බය පුපුරවාගත් ජමිල් මොහොමඩ් නමැත්තා එම පිපිරවීම කර ගැනීමට පෙර බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙක් ඔහුගේ බිරිඳ ජීවත් වූ වැල්ලම්පිටියේ නිවසේ රැදී සිට ඇතැයි පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන ජනාධිපති කොමිසමේ දී ඊයේ (27) අනාවරණය විය.

පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයෙක් වන මොහොමඩ් අමීර් නමැත්තා විසින් ලබා දෙන ලද සාක්ෂියකින් ඒ බව හෙළි වී තිබේ. කොමිසමේ දී අනාවරණය වූ පරිදි ටාජ් සමුද්‍රා හෝටලයේ සිට බෝම්බ බෑගය ද රැගෙන ත්‍රී රෝද රථයකින් දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ නමැති නවාතැන්පොළට යන බෝම්බකරු එම බෝම්බ බෑගය එහි කාමරයක තබා දෙහිවල පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ද ගොස් තිබේ. පෞද්ගලික ආරක්ෂක සමාගමේ මොහොමඩ් අමීර් ට බෝම්බකරුව මුණ ගැසී ඇත්තේ එහිදීය.

තම ආයතන ප්‍රධානියා දැනුම් දුන් පරිදි දෙහිවල ප්‍රදේශයේ පිහිටි දේවස්ථාන ගොඩනැඟිල්ලකට ආරක්ෂාව ලබා දීමක් සම්බන්ධයෙන් සොයා බැලීමට අප්‍රේල් 21 වෙනිදා 12.45/12.50 අතර කාලය තුළ තමන් එහි ගිය බව ද ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පසුව එම රාජකාරි අවසන් වී පිටතට පැමිණෙන විට දේවස්ථානය අසල ස්ථානයක යම් පිරිසක් අතර බහින්බස් වීමක් සිදුවන ආකාරය නිරීක්ෂණය වූ බවයි. එම ස්ථානයට ගොස් ඒ පිළිබඳව තමන් විමසා සිටි බව ද ඔහු කියා සිටියේය.

කොමිසම එහිදී විමසා සිටියේ එම ස්ථානයේ කුමක් සිදු වූයේ දැයි කියාය. දේවස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් එම පුද්ගලයාගෙන් ප්‍රශ්නය කරමින් සිටි බව ඔහු එහිදී පැවසීය. එම නාදුනන පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය කර ගැනීමට යම් විමසීමක් තමන් විසින් ද එහිදී කළ බව ඔහු කීය. එවිට එම පුද්ගලයා තමාගේ අනන්‍යතාව ද විමසා සිටි බවත් තමන් පොලිසියේ රාජකාරි සිදු කළ පුද්ගලයෙක් බව පවසා එම පුද්ගලයාගේ හැඳුනුම්පත ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් ඔහු එහිදී සඳහන් කළේය.

එවිට එම පුද්ගලයා රියදුරු බලපත්‍රයක් ලබා දුන් බවත් එහි තොරතුරුවලට අනුව එම පුද්ගලයා මොහොමඩ් ජමිල් නමැති අයෙක් බවත් ආරක්ෂක සමාගම් සේවකයා කියා සිටියේය. එහි ඇති තොරතුරු සනාථ කර ගැනීමට නිවසට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර සිටි බවත් තමන් සතුව දුරකථනයක් නොමැති බව ජමිල් පැවසූ බවත් ඔහු පැවසීය. එහිදී තමා සතුව තිබුණු ජංගම දුරකථනය ලබා දෙමින් ජමිල්ට නිවසට දුරකථන ඇමතුමක් ගන්නා ලෙස තමන් විසින් පවසන ලද බවද ඔහු කීය.

“මා පිලිබඳව ප්‍රශ්න කරනවා. මගේ විස්තර සපයන්න.” යැයි එවිට ඔහු සිය බිරිදට ඇමතුමක් රැගෙන පවසා දුරකථනය තමා අතට ලබා දුන් බවද ආරක්ෂක නිලධාරියා පැවසීය. එවිට ජමිල්ගේ බිරිඳ වූ ෂිෆානා පැවසුයේ “ජමිල් පිටරට සිට පැමිණ ගෙදර සිදු වූ අරවුලක් හේතුවෙන් නිවෙසින් පිටව සිටින බව” යැයි පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවකයා කියා සිටියේය. ජමිල්ගේ අනන්‍යතාව සහතික කර ගැනීමෙන් අනතුරුව ජමිල්ගේ නම, දුරකථන අංකය, හැඳුනුම්පත් අංකය, බිරිඳගෙන් ලබා ගත් බව කී හෙතෙම අනතුරුව බිරිඳගේ විස්තර ද ලබා ගත් බවත් ඊට අනුව බිරිඳ ෂිෆානා උමර් ලෙසත් ලිපිනය 125/23, ලන්සියාවත්ත, වැල්ලම්පිටිය සහ ඇයගේ දුරකථන අංකත් ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ අනාවරණය කළේය.

ලබා ගත් තොරතුරු මත සැකයක් ඇති නොවූ හෙයින් ජමිල්ට යාමට ඉඩ දුන් බව ද සක්ෂිකරු කියා සිටියේය. වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් “විනාඩ් 5 කට විතර පස්සේ ජමිල් රැගෙන යන්න එනවා කියලා එයා දැන් අසල සිටිනවාද කියල විමසමින් දුරකථන ඇමතුමක් ආවා.” යැයි ද ඔහු සඳහන් කළේය. එහිදී ජමිල් දෙහිවල මුහුදුබඩ මර්ගය ඔස්සේ වැල්ලවත්ත දෙසට ගමන් කළ බව තමන් සඳහන් කළ බවද හෙතෙම පැවසීය.

යළිත් විනාඩ් 10 කට පමණ පසු ජමිල් අසල සිටී නම් රඳවා ගන්නා ලෙස පෙර පුද්ගලයාගේ හඬින්, ෂිෆානාගේ දුරකථන අංකයෙන් ඇමතුමක් ලැබුණු බවත් ජමිල් එවිට එම ස්ථානයේ නොසිටි නිසා ප්‍රතිචාරයක් නොදක්වා තමා විසින් දුරකථනය විසන්ධි කරන ලද බවත් සාක්ෂිකරු සඳහන් කළේය. ඉන් අනතුරුව තම රාජකාරි අවසන් කර පස්වරු 5.00 ට පමණ තම නිවසේ රැඳී සිටින අවස්ථාවේ යුද හමුදා බුද්ධි අංශයෙන් බව පවසමින් දුරකථන ඇමතුමක් ලැබුණු බවත් තාමව හමුවීමට අවශ්‍ය බව එම ඇමතුමෙන් කියැවුණු බවත් ඔහු කීය.

ඒ අනුව ඔහු දන්වා සිටි ස්ථානයට ගිය බව ද සාක්ෂිකාර පෞද්ගලික ආරක්ෂක අංශ සේවකයා පැවැසීය. එහෙත් එම ඇමතුම දුන් පුද්ගලයා නොපැමිණීම හේතුවෙන් වැල්ලවත්ත පොලිසියට ගොස් ඒ බව පැමිණිලි කළ බව ද ඔහු සදහන් කළේය. එම අවස්ථාවේ අදාළ බුද්ධි නිලධාරීන් යළිත් දුරකථන ඇමතුමක් ලබා දී වැල්ලවත්ත පොලිසියට පැමිණ තමා හමුවූ බවත් එවිට ඔවුන් බුද්ධි අංශ නිලධාරීන් බවට තහවුරු කර ගැනීමට තම ආයතන ප්‍රධානියාට කතා කළ බවත් සක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More