ව්‍යාපාරික පුවත්

මේ වන විට අර්බුදයට පත් ඒදිරිසිංහ සමූහ ව්‍යාපාරය (ETI) තුළ මුදල් තැන්පතුකරුවන්ට සහන ලබා දීමට නොහැකි වී ඇත්තේ එම තැන්පතුකරුවන් සමාගම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගවලට ගොස් ඇති නිසා බවත්, එම අධිකරණමය කටයුතු අවසන් වන තෙක් කිසිදු සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී සිටී. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව අද (28) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

“ඒදිරිසිංහ සමූහ ව්‍යාපාරයත් වෙනත් මූල්‍ය ආයතනවලත් මුදල් තැන්පත් කරලා ඒ මුදලත් පොළියත් නොලැබීම නිසා කොවිඩ්-19 වසංගතය කරණ කොට ගෙන පත්වෙච්ච ජනතාවට වඩා වැඩි පීඩනයක් ඒ තැන්පත්කරුවන්ට සිද්ධ වෙලා තිබෙන බව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ විට, ජනාධිපතිතුමා විසින් ජනාධිපති ලේකම්තුමාට භාර දුන්නා ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවට සාකච්ඡා කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මැතිතුමා විසින් ඊයේ (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. වාර්තාව අනුව එදිරිසිංහ සමූහ ව්‍යාපාරය සහ වෙනත් මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට ඇති වෙලා තිබෙන ප්‍රශ්නය, ඒ ස්වභාවය පිළිබඳවත්, ඒ සඳහා දැනට මධ්‍යම බැංකුවට සෘජුව ප්‍රතිලාභයක් ලබාදීමට නොහැකි වෙලා තත්ත්වයන් පිළිබඳවත් පැහැදිලි කිරීම් මහ බැංකුව විසින් කරලා තිබුණා. ප්‍රධාන හේතුවක් තමයි, මේ වන විට තැන්පත්කරුවෝ මේ ආයතන සමඟ අධිකරණමය ක්‍රියාමාර්ගයට ගොස් තිබෙන නිසා මේ ක්‍රියාමාර්ග අවසන් වන තෙක් කිසිදු සහනයක් ලබා දීම සඳහා නොහැකියාව පිළිබඳ දන්වලා තිබුණා.“

“නමුත් අතිගරු ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත්, කැබිනට් මණ්ඩලයත් දීර්ඝ ලෙස සාකච්ඡා කරලා නැවත වතාවක් ලබන සතියේ දී මුදල් අමාත්‍යතුමා, අග්‍රාමාතතුමාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව හා නිලධාරීන් සමඟ, මේ තැන්පත්කරුවන්ට කිසියම් ආකාරයක හෝ සහනයක් සලසා දීම සඳහා ගත හැකි යම් ක්‍රියාමාර්ගයක් තියෙනවාද කියලා අපි ලබන සතියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More