දේශීය පුවත්

මෙරට කොරෝනා වයිරස තත්ත්වය පිළිබ`දව ෆේස්බුක් හරහා තොරතුරු ලැබී ඇති බව ස`දහන් කරමින් මාධ්‍ය ප‍්‍රකාශයක් ලබාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හෙට (29) කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප‍්‍රකාශයක් ලබා දීමට නියමිතව ඇත.

හිටපු අමාත්‍ය ෂීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉකුත් මාර්තු මස 18 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා, කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකර ජනතාව තුළ අනිසි බියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ස`දහන් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ පැමිණීල්ලකට අදාළ මෙම ප‍්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියකු  පැවසිය.

මෙම ප‍්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද නියමිතව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පිළිබදව තමා මෑතකදී ෆෙස්බුක් හරහා තොරතුරු බෙදා ගත් බවත් කොරෝනා පැතිරිම නැවැත්වීමට තමා අත්අඩංගුවට ගැනීමෙන් උදව් ලැබේ නම් තමන් සිරගෙට යාමට පවා සූදානම් බවත් ප‍්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙම මාධ්‍ය හමුව පවත්වා තිබුණේ ඉකුත් මාර්තු මස 19 වැනිදා කොළඹදීය.

ඒ අනුව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට සිද්ධිය සම්බන්ධයෙන් අද (29) පෙරවරු 10.00ට ප‍්‍රකාශයක් ලබා දීම සදහා පැමිණීමට දැනුම් දී ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More