දේශීය පුවත්

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිය නම “අර්ජන් ඇලෙක්සැන්ඩර්” යනුවෙන් වෙනස් කර ඇති බව ඉන්ටර්පෝල් පොලිසිය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ඉන්ටර්පෝල් පොලිස් ශාඛාව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය මඟින් අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති රතු නිවේදනය ඔහු භාවිත කරන “ අර්ජන් ඇලෙක්සැන්ඩර්” නමැති නාමයට අනුව සංශෝධනය කරන ලෙසද ඉන්ටර්පෝල් පොලිසිය මෙරටට දන්වා තිබේ.

එම දැනුම්දීමට අනුව මෙරට ඉන්ටර්පෝල් ශාඛාව අදාළ රතු නිවේදනයට “අර්ජන් ඇලෙක්සැන්ඩර්” යන නමද ඇතුළත් කර සංශෝධිත රතු නිවේදනය ඉන්ටර්පෝල් පොලිසිය වෙත යවා ඇත.

මෙරටින් පලා ගොස් සිංගප්පූරුවේ වාසය කරන බව පැවසෙන අර්ජුන මහේන්ද්‍රන් මෙම අලුත්ම නම භාවිත කරමින් කවරාකාරයේ නීති විරෝධී කටයුතුවල යෙදෙනවාද යන්න සහ එමෙන්ම සිංගප්පූරුවෙන් පැන යෑමේ උත්සාහයක නිරත වන්නේද යන්නත් බලවත් කුතුහලයකට කරුණක් වී ඇතැයි කියති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More