දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීමත් සමග කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම හුදකලා කොට තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටි නාවික හමුදා භට පිරිසෙන් එක් සාමාජිකයෙක්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවය.

එම ගොඩනැගිල්ලේ සිටි 200 කට ආසන්න නාවික හමුදා සාමාජිකයින් එහිදීම නිරෝධායනයට ලක් කිරිමට අවශ්‍ය කටයුතු අරඹා ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යොදා ගනු ලැබූ සාමාජිකයින් බවය.

හුදෙකලා කරනු ලැබූ වැලිසර නාවික හමුදා කඳවුර සහ එහි රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබූ වැලිසර රෝහලේ අවශ්‍යතා සැපයිම සඳහා යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා භට පිරිස බාහිර සමාජය සමග මිශ්‍ර නොවන අයුරින් ආරක්ෂා සහිතව එම ගොඩනැගිල්ලේ රඳවා සිටින බවය.

මේ අතර පසුගියදා විජයග්‍රාහී සැමරීමේ පෙරහුරුවට එක්ව සිටිය බව කියන නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බව කියන නාවික හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දෙවන වරට සිදුකළ PCR පරීක්ෂණ වාර්තා මේ දක්වා ලැබී නොමැති බවද මෙහිදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More