මීගමුව බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයකුගේ බැංකු ගිණුමක රුපියල් කෝටි එකහමාරක් තිබීම සම්බන්ධයන් බන්ධනාගාර මූලස්ථානය විමර්ශනයක් අරඹා ඇත.
මේ සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන්ගේ නියෝග මත කරන අභ්‍යන්තර පරීක්ෂණයට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙතද විමර්ශන භාරදීමට තීරණය කර ඇත.
රැකියාවෙන් ඉපැයිය නොහැකි මුදලක් මෙම ජේලර්වරයාගේ බැංකු ගිණුමේ තිබීම ගැන විමර්ශන අරඹා තිබේ. ඒ අනුව කෙරෙන මූලික විමර්ශනවලදී ලැබෙන තොරතුරු මත පදනම්ව චෝදනාව එල්ලවන නිලධාරියාගේ වැඩතහනම් කරනවාද නැද්ද යන්න තීරණය කරන බවද බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන්ට රුපියල් ලක්ෂයකට සිරමැදිරි වෙන්කරදීම, ශීතකරණ ඇතුළු සුපිරි පහසුකම් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පාතාලයන්ට ලබාදීම ඇතුළු චෝදනා සම්බන්ධව එහි බන්ධනාගාර අධිකාරිට එරෙහිවද විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...