මෙරටින් වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ(27) දිනයේ හඳුනා ගැණුනු නව ආසාදිතයින් 150 දෙනා ද සමඟයි.
මෙය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින්ගේ සංඛ්‍යාව බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඊයේ දිනයේ හදුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉන් 05 දෙනෙකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසක් බව සඳහන්ය.
කෙසේවෙතත් චෙන්නායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් පිරිසකට කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බවට හදුනා ගැණුනු පළමු අවස්ථාව මෙය වෙයි.
මීට අමතරව ඊයේ දිනයේ හඳුනාගැණුනු සෙසු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම සංඛ්‍යාව 53 වෙයි.
මේ අතර මේ වන විට ආසාදිතයින් 727 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධික්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
ආසාදිතයින් 732 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර මෙරට සිදුව ඇති කොවිඩි නයින්ටීන් මරණ සංඛ්‍යාව 10 බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...