දේශීය පුවත්

මහ මැතිවරණය කල් දමමින් රටම අකර්මණ්‍ය කිරීමේ විපක්ෂයේ උපාය මාර්ගයට මැතිවරණ කොමිසම සහය දක්වන බවට ජනතාව තුළ මතයක් ඇති වී තිබෙන බවත් එය ස්වාධීන මැතිවරණ කොමිසමේ කීර්ති නාමයට විශාල කැළලක් බවත් හිටපු ඇමැති ඩබ්ලිව්. ඞී. ජේ සෙනෙවිරත්න සෙනෙවිරත්න මහතා පැවසීය. හෙතෙම මෙම අදහස් පළ කළේ ඉකුත් 26 වැනිදා රත්නපුර පැල්මඩුල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

‘‘ අද අපේ රටේ කොරෝනා වෛරසය සාර්ථකව මැ`ඩ පවත්වලා තියෙන්නේ. පසුගිය සති තුනේදී බාහිර සමාජයෙන් කිසිඳු රෝගියකු වාර්තා වුණේ නැහැ. දැන් රෝගීන් වාර්තා වෙන්නේ නාවික හමුදාවෙන් සහ පිටරටවලින් පැමිණෙන අයගෙන් විතරයි. ඔවුන් සියලූ‍ දෙනා නිරෝධායන කඳවුරුවල ඉන්නේ. රට ක‍්‍රමනුකූලව යථාතත්වයට පත්වෙමින් තියෙන්නේ. රජයේ කාර්යාල ආරම්භ කරලා තියෙන්නේ. ඒක නිසා මැතිවරණයක් පැවැත්වීමට දැන් කිසිඳු ප‍්‍රශ්නයක් නැහැ. නමුත් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන්ගේ කඹ ඇදිල්ල නිසා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තවමත් නිශ්චිත දින වකවානුවක් ප‍්‍රකාශ කරලා නැහැ. උසාවියේ තීන්දු දෙනකම් බලා ඉන්නවා. තීන්දු දීලා තවත් මාස දෙකහමාරක් විතර අවශ්‍ය වෙන බව කොමිසම කියනවා. දැන් නාම යෝජනා භාර අරන් මූලික වැඩ සියල්ල අවසන් කරලා තියෙන්නේ. අපේක්ෂකයන්ගේ අංක ටික ගැසට් කරලා, තැපැල් ඡුන්ද වැඩ ටික අවසන් කරලා, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට එතරම් කාලයක් අවශ්‍යද? මේ යන විදිහට මහමැතිවරණය අගෝස්තු මාසය දක්වා කල්යන ලකුණු තමයි දැන් තියෙන්නේ. මැතිවරණ කොමිසම කාර්යක්ෂම වුණොත් ජුලි මාසයේ මැද වුණත් ඡුන්දය තියන්න පුළුවන්. මැතිවරණය කල් යෑම නිසා ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී ලබා දුන් ජනතා පොරොන්දු, සහන නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට අද බැරි වී තිබෙනවා. මැරුණු පාර්ලිමේන්තුවට නැවත පණ දීමට ජනාධිපතිතුමාගේ කිසිඳු සූදානමක් නොමැති බව පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙන නිසා හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක්. එම වගකීම නිද්‍රාශීලීව නොවෙයි කාර්යක්ෂමව සිදු කරයි කියලා අපි බලන් ඉන්නවා.‘‘

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More