අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතා වෙනුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමාන් දේශපාලනයට පිවිසෙනු ඇතැයි වාර්තා වෙනවා.
මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා ලබා දී තිබූ ආරුමුගම් තොණ්ඩමාන් මහතා වෙනුවට බොහෝ දුරට ජීවන් තොණ්ඩමාන්ගේ නම ඉදිරිපත් කෙරෙනු ඇති.
තොණ්ඩමාන් පවුලේ තවත් අයෙකු වන සෙන්දිල් තොණ්ඩමාන් මෙවර පොදු ජන පෙරමුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරනු ලබනවා.
මේ අතර ඔහුගේ අභාවය සැල වීමත් සමඟම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද තලංගම මූලික රෝහල වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.
අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමාන් වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ජීවන් තොන්ඩමාන්ට නාමයෝජනා දෙන්නැයි ලංකා කම්කරු කොංග්‍රසය අගමැතිගෙන් ඉල්ලයික් ද කර තිබෙනව

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...