දේශීය පුවත්

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 නෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට ඇතුළත්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එලෙස කටයුතු කර ඇති සාමාජිකයින්ගෙන් මේ වන විටත් නිදහසට කරුණු විමසා ඇති බවත්, ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර ඒ පිළිබඳව කටයුතු කරන බවයි.

“පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකා කරගනිමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය පක්ෂ සාමාජිකයින් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගෙන නාමයෝජනා භාර දී ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාව අනුව එසේ කිරීමට නම්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වෙයි.

එහෙත් මතභේදයට තුඩු දී ඇති සාමාජිකයින් ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කර නොමැති බවත් එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවට අනුව ක්‍රියාකිරීමට පක්ෂ නායකත්වය කටයුතු කරන තත්ත්වයට පත්ව ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

එහි දැක්වෙන්නේ, එලෙස වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයින් දැනටමත් එම තීරණ පිළිබඳ සිය පසුතැවිල්ල දන්වා එවා ඇති බවයි.

ඒ අනුව අදාළ සාමාජිකයින්ගෙන් ඊට අදාළව නිදහසට කරුණු විමසා ඇති බවත් ඒවා සියල්ල පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කර, සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් වී ඇති සමගි ජන බලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂ කල්ලිය භාරගෙන ඇති බව පෙනෙන්නට ඇති බවයි.

‍එහි දිගුවක් ලෙස සමගි ජන බලවේගයට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රහාරයක් සංවිධානාත්මකව ආරම්භ කර ඇති බව පෙනී යන බව මහලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බවට සහමුලින්ම අසත්‍ය පදනම් විරහිත පුවත් කිහිපයක් ඇතැම් මාධ්‍ය තුළ පළ වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවයි.

සමගි ජන බලවේගයේ පිරිසක් එම පාර්ශ්වය සමඟ එකතු වනවාද නැතිනම් එම පාර්ශ්වයේ පිරිසක් සමගි ජන බලවේගයට එකතු වනවා ද යන්න ඉතා නුදුරේදීම දැක ගත හැකියි.

මානසික වින්දනයක් උදෙසා ඔවුන් සිදු කරන ව්‍යාජ රංගනය කෙරෙහි අනුකම්පාවෙන් යුතුව බලා සිටින බව ද සමගි ජන බලවේගයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් අදත් දේශපාලන නියෝජිතයින් මෙලෙස අදහස් පළකළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More