දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් සිදුව තිබේ.

අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති එම හමුවේදී ද්වීපාර්ශවීය ආර්ථික සබඳතාවය වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ මෙරට ගෙනයන වැඩපිළිවෙල පිළිබදව ඉන්දීය රජය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැසසුම ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන බවයි.

ඉන්දියාවේ කෞතුකාගාරවල තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෞද්ධ සිද්ධස්ථාන වෙත යොමු කර ලෝකවාසී බෞද්ධයින්ට ධාතුන් වහන්සේලා වැදපුදා ගැනීමට සහ එම ධාතුන් වහන්සේලාට පුද සත්කාර කිරීමටත් අවස්ථාව හිමිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇති වනආර්ථික අවපාතවට සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉතා හොඳ අවබෝධයකින් මෙන්ම එකඟතාවයකින් කටයුතු කිරීමට ද මෙහිදි දෙපාර්ශවයේ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More