ක්‍රීඩා පුවත්

අප්‍රේල් 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 3ක් හා ක්‍රීඩිකාවන් 3 යැවීමට හැකිව තිබියදී ක්‍රීඩිකාවන් සිවු දෙනකු පමණක් යැවීමට ජාතික ඔලිම්පික් කමිටුව විසින් ගෙන ඇති තීරණය බලවත් අසාධාරණයක් බව ‘සත්‍ය ගවේශකයෝ’ නම් සංවිධානය සඳහන් කරයි.

ඊයේ මේ පිළිබඳව පැවැති මාධ්‍ය දැනුවත් කිරීමකදී ඔවුන් (සත්‍ය ගවේෂකයෝ සංවිධානය) පෙන්වා දෙන්නේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉෂ්ට කිරීම සඳහා දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම පාපයක් බවය.

“මේවා පෙන්වා දීමෙන් වදින තැන්වලට වදියි, රිදෙන තැන්වලට රිදෙයි. ඒත් අපි හැමදාමත් අසාධාරණයට ලක්වෙච්ච පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටියා” යැයි පැවසූ නීතිඥ ප්‍රේම්නාත් ‍ෙදාලවත්ත මහතා තවදුරටත් මෙසේද පැවැසීය. “පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනකු හා ක්‍රීඩිකාවන් තිදෙනකු යැවිය හැකිව තිබියදී ක්‍රීඩකයන් තිදෙනා පැහැර හැරීම අන්තිම වැරදියි. මෙම ක්‍රීඩකයන් ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරලයි ඉන්නේ. ඔවුන්ගේ දක්‍ෂතා තිබියදීත් ඔවුන් නුසුදුසුයි කියලා ජාතික ඔලිම්පික් කමිටුව ඔවුන්ව කපා හරිනවා නම් මොකක්ද එතන තියෙන යුක්තිය. මේ ක්‍රීඩකයන් ප්‍රමාද වෙලා අයැදුම්පත් ලබාදුන්නා කියල ජාතික ඔලිම්පික් කමිටුව කියනවා. ඒක සම්පූර්ණ බොරුවක්. මේ අය අයැදුම්පත්‍ර ලබාදුන්නටත් පස්සෙයි ඒ කියන්නේ 2018-02-07 දිනයි කැනඩාවේ පදිංචි ක්‍රීඩිකාව අයැදුම්පත්‍ර දාලා තියෙන්නේ. මෙතන ඉන්න ඩිල්ෂාන් කවීන්ගේ නම කපලා දාලා තියෙන්නේ ඔහුගේ පියා ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ප්‍රතිපාර්ශ්වයට ඡන්දය දාපු නිසයි. මම ඉතාමත් ඕනෑකමෙන් ඉල්ලා සිටින්නේ මේ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලයි. ක්‍රීඩා ඇමැති මේ බව දන්නවද දන්නේ නැහැ. එතුමා නොදන්න හේතුවක් නැහැ. දන්නෙ නැත්නම් දැන්වත් මේ හැම දෙයක් ගැනම සොයා බලා මේ වැරැද්ද නිවැරැදි කර දෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ” යනුවෙන් නීතිඥ ප්‍රේම්නාත් ‍ෙදාලවත්ත මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපතිවරයකු වන අරුණ ප්‍රසාද් මහතාද අදහස් දක්වමින් පැවැසුවේ කැනඩාවේ පදිංචි ක්‍රීඩිකාවගේ පුහුණුකරුවා හා වෛද්‍යවරයා ඇතුළත් කරගැනීම වෙනුවෙන් දක්‍ෂ ක්‍රීඩකයන් තිදෙනකුගේ ජීවිත බිල්ලට දී ඇති බවත්, පෞද්ගලික ඕනෑ එපාකම් වෙනුවෙන් දරුවන් සමඟ කරන මේ සෙල්ලම දැන්වත් නතර කරන ලෙසත්ය.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුවේ කැපිල්ලට ලක්වූ ඩිල්ෂාන් කවීන් හා හංස ගයාශාන්ද මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටි අතර, එහිදී අදහස් දැක්වූ මේ වනවිට ඇමෙරිකාවේ වැඩිදුර පුහුණුව ලබන ඩිල්ෂාන් කවීන් පැවැසුවේ තමන්ට මාලදිවයිනෙන් ජිම්නාස්ටික් තරගවලට ඉදිරිපත් වන ලෙස (සියලුම වරප්‍රසාද සහිත) ආරාධනාවක් ලැබුණත් ඒ සියල්ල පසෙකලා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන්නේ තමන්ගේ රටට ඇති ආදරය නිසා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More