කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලු බදු වලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාළව ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන වෙත ලබා දිමට හෝ ප්‍රදානය කිරීමට ගෙන්වනු ලබන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලුම බදු වලින් නිදහස් කෙරේ.
ඒ අනුව එම උපකරණ හා උපාංග ගෙන්වීමේ දී රේගු බදු හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද , සෙස් හා වැට් බදු ඇතුළු සියලු බදු වලින් නිදහස් වන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
මෙම බදු සහන මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා හිමි වන බව බවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමගතව ඇති කර්මාන්තකරුවන්ට ද මෙම සහනය සැලසෙන බවයි.
මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද කැබිනට් මණ්ඩලයේ දී අනුමත වී තිබේ.
අදාළ කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. එම කැබිනට් පත්‍රිකාවට අනුව සැකසුණු ගැසට් නිවේදනයට තමන් පසුගිය සතියේ අත්සන් තැබු බව ද ඇමතිවරයා කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...