දේශීය පුවත්

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ඇප ඉල්ලීම වෙනත් අධිකරණයකට මාරු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇප ඉල්ලීම සලකා බැලීම වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) තීරණය කළේය.

මෙම පැමිණිල්ල අද කැදවනු ලැබූ අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩු කටයුත්තේ දී අතීතයේ දී උද්ගත වූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම කෙරෙහි කණගාටුව පළකර සිටි විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තමාට ඕනෑම විනිසුරුවරයෙකු ඉදිරියේ ඇප ඉල්ලීම සලකා බැලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කර සිටියේය.

එහෙත් නීතිපතිවරයා කරනු ලබන මෙම ඉල්ලීම පිළිබඳව තමන් කණගාටුවන බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා වෙනත් නඩුවලදී අනුගමනය නොකරන ස්ථාවරයක් නීතිපතිවරයා විසින් මෙම නඩුවේ දී අනුගමනය කිරීම පිළිබඳව තමන් විමතියට පත්වන බවද සඳහන් කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඉදිරිපත් මහතා සඳහන් කළේ ස්වාධීන මනසකින් යුක්ත විනිසුරු වරයකු හමුවේ මෙම ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා තමා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේ ස්වාධීන මනසකින් තීරණය ගැනීමට විනිසුරුවරුන්ට හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් යම් විනිසුරුවරයෙකුගෙන් තමන්ට අගතියක් සිදු වී යැයි යම් කිසි පාර්ශ්වයක් කල්පනා කරන්නේ නම් මෙම ඇප ඉල්ලීම වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමු කිරීමට තමා සූදානම් යැයි සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඒ අනුව මෙම ඉල්ලීම වෙනත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත යොමු කිරීමට තීරණය කළේය.

ඒ අනුව මෙම ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ තව ස්වල්ප වේලාවකින් සලකා බැලීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More