දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නියෝජ්‍ය ආයතනයේ (USAID) මූල්‍ය ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් හවුල් කරගෙන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සැලසුම් කෙරෙන බවත් මැතිවරණය තවත් කල් දැමීමේ සැලැස්මක් මේ මඟින් ක්‍රියාත්මක වෙමින් පවතින බවටත් තොරතුරු වාර්තා වේ.

රට තුළ කොවිඩ් – 19 වසංගත පාලනය වී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කර ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයක උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව මෙසේ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මැතිවරණ ඉතිහාසයේ පැවැති එකම ඡන්ද විමසීමක් හෝ පැවැත්වීමේදී පිටස්තර සංවිධානවල උපදෙස් ලබා ගැනීමක් සිදු නොවූ බවත් මැතිවරණයකදී විදේශ නිරීක්ෂකයන් ගෙන්වා ගැනීම හැරෙන්නට මැතිවරණ සංවිධාන කටයුතු සැලසුම් කිරීම මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ බවත් මැතිවරණ කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දෙති.

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (26දා) රැස්වී සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් පිළිබඳ සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

ජාත්‍යන්තර මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ සංසදය නමැති රාජ්‍ය නොවන සංවිධානය සම්බන්ධ කරගෙන, පාහර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සැලසුම් කිරිමේ වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් සකස් වෙමින් පවතින බව මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

මෙම වැඩමුළුව හෙට (28දා) සහ අනිද්දා (29දා) යන දින දෙකෙහි මැතිවරණ කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරු මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (27දා) කොළඹට කැඳවා ඇති බවද දැනගන්නට ඇත.

මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More