දේශීය පුවත්

වෛද්‍යවරුන් 4200 ක හිඟයක්

May 27, 2020 7:15 am | Lanka Lead News

රටපුරා රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 4,289 දෙනකුගේ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. රේඛීය අමාත්‍යංශය යටතේ ඇති රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 2,249 දෙනකුගේද පළාත් අමාත්‍යංශ යටතේ ඇති රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 2,040 ක දෙනකුගේද හිඟයක් පවතින බව එම වාර්තාවල සඳහන් වේ.

වෛද්‍යවරුන්ගේ හිඟය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉකුත්දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

වෛද්‍යවරුන් රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත්දා තීරණය කළේ ද එම වාර්තාව සැළකිල්ලට ගනිමිනි..

රේඛීය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතනවල අනුමත වෛද්‍ය නිලධාරීන්ගේ ගණන 13,768 ක් වුවද ඒවායේ දැනට සිටින්නේ වෛද්‍යවරුන් 11,510 දෙනකු බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මේ අතර, පළාත් අමාත්‍යංශ යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතනවල අනුමත වෛද්‍ය නිලධාරීන්ගේ ගණන 8,651 ක් වුවද ඒවායේ සිටින්නේ වෛද්‍යවරුන් 6,611 දෙනකු බවද එම වාර්තාවේ සදහන් වේ.

බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් 108 දෙනකුගේද, මධ්‍යම පළාතේ වෛද්‍යවරුන් 259 දෙනකුගේද, දකුණු පළාතේ වෛද්‍යවරුන් 389 දෙනකුගේද, උතුරු පළාතේ වෛද්‍යවරුන් 291 දෙනකුගේද, නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් 282 දෙනකුගේද, වයඹ පළාතේ වෛද්‍යවරුන් 235 දෙනකුගේද, උතුරු මැද පළාතේ වෛද්‍යවරුන් 107 දෙනකුගේද, ඌව පළාතේ වෛද්‍යවරුන් 166 දෙනකුගේද, සබරගමු පළාතේ වෛද්‍යවරුන් 203 දෙනකුගේද හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

ඉදිරි වසර 5 තුළ වෛද්‍ය පීඨවලින් බිහිකෙරෙන වෛද්‍යවරුන්ගේ ගණන රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවනු ඇතැයිද, වසරකට වෛද්‍යවරු 1500ක් පමණ සෞඛ්‍ය සේවයට එක්වුවද විශ්‍රාමයාම, වෛද්‍ය පරිපාලනයට පිවිසීම, විදෙස්ගතවීම් ආදිය සලකනවිට ඉතිරිවන පිරිස ඉන් 800ක් පමණ වනු ඇතැයිද එම වාර්තා පෙන්වා දෙයි.

ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා ඉදිරි වසර 5 තුළ අවම වශයෙන් වෛද්‍යවරුන් 7000 ක් පමණ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අලුතින් එක්විය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More