දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප කීර්තියට පත් කර, ඔහුට නඩු දැමීම සඳහා පැවැති රජයේ ඇමැතිවරුන් පිරිසක් කරන ලද කුමන්ත්‍රණයක් පිළිබඳව ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ (26 වැනිදා) විශේෂ හෙළිදරව්වක් කළේය.

දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන සිව්දෙනා එම කුමන්ත්‍රණය දියත් කර තිබූ බව නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ දීර්ඝ වශයෙන් සාක්ෂි ලබාදෙමින් අනාවරණය කළේය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකව තමාට අවසර ලබා දුන් බවටත්, එයින් ලැබෙන ආදායම ආරක්ෂක ලේකම්වරයා සහ තමා සාක්කුවේ දා ගත් බවට වැරදි සහගත ප්‍රකාශයන් අදාළ පිරිස විසින් සමාජ ගතකර ඇතැයි ද නිශ්ශංක සේනාධිපති මෙහිදී පැවැසීය.

මෙම හිටපු ඇමැතිවරුන්ගේ මූලික චේතනාව වූයේ අසත්‍ය චෝදනා නගා එවකට ආරක්ෂක ලේකම්වරයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තමාට නඩු පවරා, තමාගේ ව්‍යාපාරය අත්පත් කර ගැනීම බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.

මෙම පිරිසගේ ක්‍රියා කලාපය හේතුවෙන් තම ආයතනය වසා දැමීමෙන් රැකියා හාරදහස් නවසියයක් අහිමි වූ බවත් දන්වා සිටි නිශ්ශංක සේනාධිපති රැකියා දෙදහස් පන්සියයක් උත්පාදනය කිරීම සඳහා නයිජීරියානු රජය මගින් අත්සන් කර තිබූ ගිවිසුම ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීමෙන් රටට ඩොලර් බිලියනයක පමණ ආදායමක් අහිමි වූ බවද පැවැසීය.

https://chat.whatsapp.com/CzR0TbEzFuE08EzNjcY2R9



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More