දේශීය පුවත්

කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින් 38,983 දෙනකුට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට උත්සාහ දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය රජයට දැනුම් දී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් මන්ඩලයට විශේෂ දැනුම්දීමක් කරමින් මෙම දැනුම්දීම කර තිබේ.

රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයින් මෙලෙස යළි පැමිණීමට උත්සාහ දරමින් සිටින බවත්, ඉන් 27,854 දෙනකු එම රටවල සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

සිසු සිසුවියන් 3,078 දෙනකු, කෙටිකාලීන වීසා ලැබූවන් 4,040 දෙනකු, යැපෙන්නන් 3,527 දෙනකු, ද්විත්ව පුරවැසිභාවය හිමි 484 දෙනකු ද මේ අතර වන බව එම වාර්තාවෙන් දැනුම් දී තිබේ.

ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිට ඉකුත් සතිය වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 3,938 දෙනකු විදේශ රටවල් 15ක සිට මෙරටට ගෙන්වා ඇතැයි විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් පෙන්වා දී ඇත. එසේ ගෙන්වන ලද පිරිසෙන් වැඩි දෙනා සිසු සිසුවියන්, පුණුවට ගිය රජයේ නිලධාරීන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් බවද ඇමතිවරයා එම වාර්තාවෙන් දැනුම් දී ඇත.

චීනයේ වූහාන් පළාතේ සිට ගෙන්වූ සිසුන් 33 දෙනා සහ ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිට ගෙන්වූ 839 දෙනා මෙම පිරිසට ඇතුළත් නොවන බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මෙම පිරිස් නැවත පැමිණීම නිසා ඔවුන්ගේ රැකියාවලට හා අධ්‍යාපන කටයුතුවලට දිගුකාලීනව සිදුවිය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කරන්නැයි විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර ඇතැයි ඉල්ලීමක් කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ.

මේ අතර වෛද්‍ය ආධාර අවශ්‍ය අය සහ සානුකම්පිත හේතු මත මෙම පිරිසෙන් කොටසක් ගෙන්වීමට ජනාධිපතිවරයාගේ ද උපදෙස් මත කටයුතු යොදා ඇති බවත්, ඉදිරියට ද ඒ ආකාරයෙන් කටයුතු කරන බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More