දේශීය පුවත්

මුළු මහත් ලෝකයම වෙලාගත් කොවිඩ් 19 වසන්ගතයෙන් බැට කා අසරණව සිටින   විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිස බොහෝය.  සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන තෙරතුරු අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකකයන් වැඩි පිරිසක් සිටින්නේ මැදපෙර දිගය. එසේම වැඩි වශයෙන් අසරණව සිටින්නෙද මැදපෙර දිග වෙසෙන අපේම සහෝදරයන්ය.

මේ, රටට ආදරය කරන, රට ගැන නිතර කතා කරන අපේම සහෝදරයෙකු මුහුණුපොතට මුදාහැර තිබුණු අදහස් කිහිපයකි. අප එය මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

‘‘ මැදපෙරදිග ඉන්න කෙනෙක් හැටියටත්, ගෝඨාභය ආණ්ඩුව පිලිබඳව යම් සහයෝගයක් දක්වන පුද්ගලයෙකු හැටියටත් මැදපෙරදිග සේවකයන් මුහුණ දී ඇති සිදුවීමත්, ඊට රජය මුහුණ දෙන/දුන්න ආකාරයත් ගැන යමක් කියන එක වැදගත් කියලා හිතෙනවා.

* පහුගිය දවස්වල ප්‍රවෘත්ති අනුව මට තේරුම් ගියෙ ලංකාවෙ එක වරකට නිරොධායණය කිරීමට හැකියාව ඇත්තෙ උපරිම වශයෙන 10,000ක පමණ පිරිසක් බවයි. ඒ කියන්නේ දවස් 21 කාලයකට 10,000. දවසකට 500ක් විතර.

* කොරොනා ප්‍රතිකාර කිරීමට ඇති හැකියාව 1000ක් විතර ඇති කියලා හිතෙනවා.

* රට තුල කොරොනා ව්‍යප්ත වෙමින් පවතින විටෙක පිට රටින් කට්ටිය ගෙනවිත් ආසාධිතයන් ප්‍රමාණය කෘත්‍රිමව වැඩි කිරීම ව්‍යවසනයක් බවට පත් වෙන්න පුලුවන්

* ඒ කියන්නේ පිට රටවල් වලින් ලාංකිකයන් පාලනයක් නැතිව රට තුලට ගෙනීම සුදුසු දෙයක් නෙමෙයි.

මැදපෙරදිග ඉන්න බොහොමයක් අයට මේක තේරුම් ගන්න පුළුවන්. නමුත් අනිත් පැත්තත් බලන්න ඕනෙ

* ශ්‍රි ලංකා රජයට සෑම විදෙස්ගත ශ්‍රි ලාංකිකයෙක් ගැනම වගකීමක් තිබුනත්, මැදපෙරදිග සේවකයන් ගන විශේෂ ගිවිසුම්ගත වගකීමක් තියෙනවා. ඒ අය විදේශ සේවා කාර්යාංශයට ගාස්තු ගෙවලා යන්නෙ

* විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් අතරින් වඩාත්ම අසරණ කොටස් ඉන්නෙ මැද පෙරදිග.

* රටට විශාලම විදේශ විනිමයක් ගෙනදෙන කොටස් ඉන්නෙ මැදපෙරදිග.

* බොහොමයක් මැද පෙරදිග රටවල සමාජ සුභසාධන ක්‍රම වේදයන් නෑ.

* මේ වෙනකොටත් රැකියාවන් නැතිව දහස් ගණනක් කෑම බීම නැතිව කාමර වල, කෑම්ප් වල හිර වෙලා ඉන්නවා

ඉතිං මේ අන්ත දෙක අතර ගැලපීමක් කරගන්නෙ කොහොමද? රජයට ඇත්තෙ “ගෙදර ගියොත් අඹු නසී” තත්ත්වයක්. ඒ අතර මැද පෙරදිග සේවය කරන මිනිස්සුන්ට ඇත්තෙත් “ගෙදර ගියොත් අඹු නසී” තත්ත්වයක්. හැමෝම මේක තේරුම් ගන්න ඕනෙ.

මෙතනයි යතාර්ථය.

නමුත් මැදපෙරදිග මිනිස්සු මානසිකව කලකිරීමට පත් වෙලා ඉන්න හේතු දෙකකට රජයෙන් පැහැදිලි කිරීමක් කල යුතුයි…

පලවෙනි එක, මැදපෙරදිග සේවකයන් අමතක කර, රටෙ සල්ලි බලය ඇත්තන්ගෙ ළමයින්ට මූලිකත්වය දීමට සුදුසුයැයි සිතා, එංගලන්තයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන ශිශ්‍යයන් ගෙන ඒමට තීරණය කලෙ මොන පදනමක් යටතෙද කියන එක මැදපෙරදිග වැඩකරන ජනතාවට තේරුම් කර දීම ගෝඨාභය රජයට ඇති ලොකුම වගකීමක්.

දෙවැනි එක, වසර තිහකට වඩා විදේශ සේවා කාර්යාංශය මගින් එකතු කරපු විශාල අරමුදල් මේ මිනිස්සුන්ගෙ සුභ සාධනයට යෙදාගන්න බැරි හේතුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේන් මේ මිනිස්සුන්ට වග කියන්න ඕනේ. ‘‘

උපුටා ගැනීමකි

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More