ප‍්‍රධාන පුවත්

මුතුරාජවෙල අභය භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22 වැනිදා) අදාළ අංශවලට උපදෙස්‌ දුන්නේය.

එහි යම් ඉඩම් කොටස්‌ ගොඩකිරීම් සඳහා යම් රාජ්‍ය ආයතනයක්‌ මගින් දැනට කුමන හෝ අවසරයක්‌ ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමටද ජනාධිපතිවරයා උපදෙස්‌ දුන්නේය.

එමෙන්ම මෙවැනි පරිසර විනාශයන්ට අනුග්‍රහය දක්‌වන හෝ දැක්‌වූ රාජ්‍ය නිලධාරීන් සිටීනම් ඔවුන්ට එරෙහිවද විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ දැනුවත් කළේය.

මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක්‌ වන මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිතව සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබඳව පසුගියදා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමුකළ ජනාධිපතිවරයා ඊයේ (22දා) අලුයම එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

අනතුරුව ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්‌වෙමින් ඉහත තීරණවලට එළැඹිණි.

පරිසර සංරක්‍ෂණ ප්‍රදේශයක්‌ ලෙස මෙහි පවතින සියලු ඉඩම් වනජීවී සහ පරිසර සංරක්‍ෂණ කලාප ලෙස ගැසට්‌ කිරීමේ හැකියාව පිළිබඳ නීති උපදෙස්‌ ලබාගැනීමටද මෙහිදී නිලධාරීන්aට උපදෙස්‌ දෙන ලදී.

සින්නක්‌කර ඔප්පු සහිත ඉඩමක වුවද පාරිසරික බලපෑම් ඇතිකරන්නේ නම් එහි ගොඩකිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම ක්‍රියාපිටුපස දේශපාලන බලවේග තිබේනම් ඒවාට එරෙහිව ද නොපැකිලිව කටයුතු කරන බව කියා සිටියේය. මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඬලීම සඳහා එම ප්‍රදේශයට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව සහ ප්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමටද මෙහිදී පොලිස්‌පතිවරයා වෙත උපදෙස්‌ දුන්නේය.

මෙම ප්‍රදේශය තුළ සිදුකෙරෙන ගොඩකිරීම් සඳහා පස්‌ ලබාදෙන ස්‌ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත්‍ර නිකුත්කර තිබේනම් ඒවාද වහාම අවලංගු කිරීමට නියෝග කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More