දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යැයි  දිවුරුමක් දෙන්නේ නම් තමාව සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් නිදහස් කරන බවට අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමාට පැවසු බව ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලිමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද ඔහු මේ බව සඳහන් කළේය.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලසිමාව තුළ සිදුවුවා යැයි කියන දේශපාලන පළිගැනිම් පිළිබඳ පරික්ෂා කර තොරතුරු ලබා ගැනිම සඳහා වන ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව හමුවේ ඇවන්ට්ගාඩ් මෙරිටයින් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද පෙරවරුවේ පෙනී සිටියේය.

ඒ ඔහු මීට පෙර සිදු කරන ලද ලිඛිත පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දිම සඳහායි.

තමාගේ ව්‍යාපරය තුළින් මසකට මිලියන 500 ක ආදායමක් මෙරට රැගෙන ආ අතර 4500 කට වැඩි ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දුන් බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසමට පැහැදිලි කළේය.

කෙසේ වෙතත් 2015 ජනවාරි මස 08 වැනි දින යහපාලන රජය පත් විමෙන් දින 10කට පසුව එනම් ජනවාරි මස 18 වැනි දින ගාල්ල වරාය පොලිස් ස්ථානය විසින් ගාල්ල වරාය අසල නැංගුරම්ලා තිබු ඇවන්ගාඩ් සමාගමට අයත් එම්.වි මහනුවර පාවෙන අවි ගබඩාව පරික්ෂා කළ බවත් ඒ සඳහා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නීති විරෝධි අවි ගබඩාවක් පවත්වාගෙන යාම යටතේ කරුණු වාර්තා කරමින් සිටි බවත් නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවේය.

කෙසේ වෙතත් ගාල්ල පොලිසිය විසින් පළමුවරට ඇවන්ට්ගාඩ් නෞකාව පරික්ෂා කිරිමට අදාළව ගාල්ල මහේස්තාත් අධිකරණය හමුවේ ගොනු කළ පළමු බි වාර්තාවට අදාළව වසර 5ක් ගත වි මේ මොහොත වන විටත් කිසිඳු සැකකරුවෙකු නම් කර නොමැති බව නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කොමිසමට පෙන්වා දුන්නේය.

එසේම එවකට ගාල්ල ප්‍රෙද්ශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩි. ගුණවර්ධන මහතා එවකට අමාත්‍යවරයෙකුව සිටි රාජිත සේනාරත්න මහතාව පෞද්ගලිකව හමුවි උපදෙස් ලබා ගැනිමෙන් අනතුරුව ඇවන්ට්ගාඩ් නෞකාව අභූත නෞකාවක් ලෙස හඳුන්වමින් තවත් බි වාර්තාවක් ගොනු කර ඇති බව ද ජනාධිපති නිතිඥ වරයා පැවසුවේය.

මෙකි තමන්ට විරුද්ධව දේශපාලන පලිගැනිම් සිදුවයේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව යම් නඩු කටයුත්තකට අලලා සිරගත කිරිමට බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එවකට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනාරාල්ව සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමන්ව ගෙන්වා ඇවන්ට්ගාඩ් සිදුවිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යැයි සඳහන් කර දිවුරුමක් දෙන්නේ නම් සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් තමාව නිදහස් කරන බවට පැවසුවේ යැයි සේනාධිපති මහතා කොමිසම හමුවේ අනාවරණ කළේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුකලක දිල්රුක්ෂි ඩයස් තමා අමතා සමාව ඉල්ලු බව ද දේශපාලනික බලපැම් මත තමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරු බව ද සඳහන් කළ බවත් ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More