දේශීය පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානය කොවිඩ් 19 දෙවැනි උච්ඡතම අවස්ථාවක් පිළිබඳව අනතුරු අඟවා තිබේ.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය මයික් රයන් ඊයේ(25) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ වන විට ලෝකය පළමු රැල්ල මැද සිටින බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මයික් රයන්

“අපි තවමත් සිටින්නේ රෝගය සැබවින්ම වර්ධනය වෙමින් පවතින අවධියකයි. ඕනෑම වේලාවක රෝගය ඉහළ යා හැකි බව අප දැන සිටිය යුතුයි.

රෝගය දැන් පහව යමින් පවතිනවා යැයි හෝ දෙවැනි රැල්ලකට සූදානම් වීමට මාස ගණනාවක් ගතවනු ඇතැයි කියාවත් අපට උපකල්පනය කළ නොහැකියි.

අපට මේ ආකාරයෙන් දෙවැනි උච්ඡතම අවස්ථාවකට වුවද මුහුණ දීමට සිදුවිය හැකියි.

මයික් රයන් පවසන්නේ  කොවිඩ් 19 ආසාදිතයන් පහත වැටීම ස්වභාවිකව සිදු නොවූ බවත් මේ නිසා සෑම රටක්ම උදාසීන නොවී කටයුතු කළ යුතු බවයි.

ජනගහණය කෙරෙහි  බලපා ඇති දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඒ සඳහා හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More