පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා දී නැතැයි නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියාය.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ඇත්තේ විසුරුවා හළ පළාත් සභාවක් නැවත කැදවීම සඳහා පමණක් යැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ,ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නාය.
එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයිද නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය.
ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද(26) අඛණ්ඩව හය වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ඇරඹුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
නීති විරෝධී 19 ගැන කොහෙද යන්නෙ මල්ලෙ පොල්.