දේශීය පුවත්

සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු එළඹෙන ජුනි මස 01දා සිට නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලික පසුබෑමකට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය යළිත් නඟා සිටුවීමේ ජාතික මෙහෙවරට ශක්තියක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රදානය කළ, කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීමේ අති නවීන පී.සී.ආර් (PCR) යන්ත්‍රයක් හා ඊට අදාල පරීක්ෂණ කට්ටල ඇතුළු රු මිලියන 15ක් වටිනා සෞඛ්‍ය උපකරණ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා  වැඩිදුරටත් පවසා සිටියේ කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් මුල් අවස්ථාවේදීම පළමු තීන්දුව ලෙස පාසල් වසා තැබීමට පියවර ගත් ලෙසින්ම, රටේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ පූර්ණ තහවුරුව ලැබෙන පළමු අවස්ථාවේදීම පාසල් නැවත විවෘත කිරීමේ තීරණය ගන්නා බවයි.

දරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවත්, පෞද්ගලික පරිත්‍යාගශීලීන්, ජාත්‍යන්තර ආයතන මේ සම්බන්ධයෙන් ලබාදෙන සහයෝගය කෘතවේදි ව අගය කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ක්‍රිකට් පාලන  ආයතනයක් සමඟ කොන්දේසි විරහිතව ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එකඟත්වය පළ කර සිටින බවත් පැවසීය.

එමෙන්ම ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ යෝජනා, පාසල් පද්ධතිය තුළ ක්‍රීඩකයින් වේලාසනින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි යෝජනා, අතරමග නතර වූ සංවර්ධන වැඩසටහන්, වැඩි දියුණු කළ යුතු විවිධ ක්‍රීඩා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් ලබා දීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශ ලේකම් කේ. ඩී රුවන් චන්ද්‍ර මහතා,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඊ. ඒ. එල්. සී. කේ. එදිරිසිංහ මහතා, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More