කෝපායි උරුම්පිරායි ප්‍රදේශයේදී යුද හමුදා සෙබලෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් තුන්දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි අදාළ සැකකරුවන් උරුම්පිරායි හන්දිය ප්‍රදේශයේ රාජකාරී කළ එම හමුදා සෙබලා තල්ලු කර පලා ගොස් තිබේ.
කෝපායි යුද හමුදා කඳවුරේ නිලධාරීන්, සැකකරුවන් ලුහුබැඳ ගොස් ඔවුන් අල්ලාගෙන කෝපායි පොලිසිය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27, 28 සහ 30 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙකි. ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...