ජනාධිපතිවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහ සමස්ථ ආර්ථිකය නැවත පණගැන්වීමට දායක වන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (26) අලුයම 5.00 සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කෙරුනි.
ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී තිබේ.
ඒ අනුව දින 66කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක සඳහා ද අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කෙරිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...