දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන අවස්ථාවල මන්ත්‍රීවරුන් 125 කට පමණක් සභා ගැබෙහි ආසන වෙන් කිරීමට අවධානය යොමුකර ඇත.

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඖෂධයක් සොයා ගන්නා තුරු පුද්ගල දුරස්ථභාවය රැක ගැනීමට මෙම පියවර ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්  ප්‍රකාශ කළේය.

ඉතිරි මන්ත්‍රීවරුන් 100 දෙනා වෙනුවෙන් සභා ගැබ අසල ලොබියේ සහ කමිටු ශාලාවක ආසන පනවා නව තාක්ෂණය ඔස්සේ රැස්වීමට සහභාගී වීමට අවස්ථාව ලබා දීමට සිදුවන බවද හෙතෙම කීවේය.

අවශ්‍යනම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයට නොපැමිණ නිවසේ සිට තම ජංගම දුරකතනය ඔස්සේ හෝ වෙනත් තාක්ෂණික ක්‍රමවේද යටතේ රැස්වීමට සහභාගී වීමටද අවස්ථාව ලැබේ.

සාමාන්‍යයෙන් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ දැනටත් සභාගැබට ඇතුළුකර ගන්නේ මන්ත්‍රීවරුන් පනස් දෙනෙක් පමණක් බව කී හෙතෙම අනෙක් අය අවශ්‍ය අවස්ථාවලදී පැමිණ අදහස් ප්‍රකාශකර පිටව යන බවද කීය.

යම් හෙයකින් ජනාධිපතිවරයාගේ තීරණය මත පැරැණි පාර්ලිමේන්තුව ඉදිරි දිනක කැඳවීමට සිදුවූවොත් ඉහත ක්‍රමවේදය අනුව එම රැස්වීමද පැවැත්වීමට සිදුවනු ඇතැයි හෙතෙම කීවේය.

කෙසේ වෙතත් දැනට අවධානය යොමුකර ඇති ඉහත ක්‍රියාමාර්ග පිළිබඳ පක්ෂ නායකයින් සමගද තීරණයකර අවසන් තීරණයකට පැමිණිය යුතුව ඇතැයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එමෙන්ම ඉදිරියේදී කෝප් ඇතුළු කාරක සභා රැස්වීම් පැවැත්වීමේදීත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, මාධ්‍යවේදීන් සහ පාර්ලිමේන්තු ගැලරියට අමුත්තන් කැඳවීමේදීත් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇතැයි ඉහත ජ්‍යේෂ්ඨ නිළධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Aruna

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More