යථාර්තවාදී නොවන පාලන මිලක් පැනවීම මගින් ලොකු කුඩා සියලු සහල් කර්මාන්තකරුවන්ගේ ගෙල සිර කළ වෙළඳ අමාත්‍යාංශ බලධාරීන් දැන් ඔවුන්ට නඩු දමන බවට සහ සහල් තොග බලහත්කාරයෙන් ලබා ගන්නා බවට තර්ජනය කරමින් කර්මාන්තකරුවන්ගේ යටි බඩට පයින් ගසන බව සහල් කර්මාන්තකරුවෝ පවසති.
වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රා ජයවර්ධන මහත්මිය කරුණු හරි හැටි අධ්‍යයනය නොකර හාල් කර්මාන්ත කරුවන්ට තර්ජනය කිරීම මගින් තත්වය තව දුරටත් නරක අතට හැරෙන බව ඔවුහු පවසති.
රජය සතු වී නිදහස් කරන බව ඇය කියන්නේ කි.ග්‍රෑම් වලින් වැරදියට ගනන් හැදීම නිසා බවටද ඔවුහු චෝදනා කරති. රජය සතු මෙ.ටො 50,000ක වී තොගය සෑහෙන්නේ දින 5ක රටේ සහල් අවශ්‍යතාවය සැපිරීම සඳහා පමණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...