දේශීය පුවත්

කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද(26) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය.

ඒ අනුව විදෙස් සිට මෙරටට පැමිණි 157 ක් ආසාදිතයින් ලෙස හමුවී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වුයේ 405 ක් පමණ ප්‍රමාණයක් වන බවත්, පසුව නාවික සෙබලුන් 619 කට කොරෝනා ආසාදනය වු බවත් පැවසු යුද හමුදාපතිවරයා එම නාවික සෙබලුන් සියලු දෙනා ඉතා ආරක්ෂිත ලෙස නිරෝධායනට යොමු කර සමාජයට ආසාදනය වීම වැළැක්වු බවත් කියා සිටියේය.

කුවේට් රාජ්‍යයෙන් පැමිණි 90 කට හා ඩුබායි සිට පැමිණි 18 දෙනෙකු හා ඉන්දුනිසියාවේ සිට පැමිණි පුද්ගලයින් කීප දෙනෙක්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසු යුද හමුදාපතිවරයා, විදෙස් රටවලින් පැමිණෙන සියලු දෙනා ඉතා ආරක්ෂාකාරී ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර එහිදී කරනු ලැබු PCR පරීක්ෂණවල දී ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු කර ගන්නා බවද පැවසීය.



One thought on “කුවේට් සිට පැමිණි 90 කට කොරෝනා”

  1. කටුණායක වහන්න බැරි ගොන් හැත්තක් රට පාලනය කරයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More