දේශීය පුවත්

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සභාපතිත්වය දරන TBG Biotechnology Corp සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් 19 වෛරස පරීක්ෂණ කට්ටල දෙකක් වෙනුවෙන් අන්තර්ජාතික අනුමැතිය හිමිව ඇත. යුරෝපීය ආර්ථික බලප්‍රදේශයේ විකුණනු ලබන නිෂ්පාදන සඳහා සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල බව පෙන්නුම් කරන සහතික කිරීමේ ආයතනයක් වන CE Mark හි අනුමැතිය මෙලෙස හිමිව ඇත්තේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු වන ජිටෝ අරුනම්පලම්ට අයත් සමාගම විසින් නිපදවූ ExProbe SARS-CoV-2 Testing Kit සහ SARS-CoV-2 lgG/lgM Rapid TestKit පර්‌යේෂණ කට්ටල දෙක සඳහාය.

මෙම පරීක්ෂණ කට්ටල දෙක එක්ව, ක්‍රියාකාරී SARS-CoV-2 වෛරස් ආසාදනයක් ඇති රෝග ලක්ෂණ සහ SARS-CoV-2 ආසාදනය වී නිශ්චිත ප්‍රතිදේහයක් ජනනය කළ ආසාදිතයින් සනාථ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මිනිත්තු 15ක් වැනි කාලයක් තුළ දී මෙම පරීක්ෂණය සම්පූර්ණ කිරීමට හැකි බව සමාගම පවසයි. මේ අතර TBG Biotechnology COrp විසන් මෙම පර්යේෂණ කට්ටල ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කිරීම සඳහා මේ වන විට අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා මෙරට කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ හැකියාව සොයා බැලීමට කටයුතු යොදා ඇති බවද වාර්තා​ වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More