ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය නොතකා අත්තනෝමතික ලෙස කටයුතු කරන පිරිස් අද (26 වැනිදා) සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
අත්‍යාවශ්‍ය කරුණකට හැර නිකරුණේ නිවෙස්වලින් බැහැරට නොයෑමට ජනතාව වගබලාගත යුතු බව ද සියල්ලට වඩා සමාජ දුරස්ථ බව තබා ගෙන කි‍්‍රයා කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
කොළඹදී ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකිදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
සමාජ දුර්සථභාවය නොතකා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝජගයක් ලබා දී තිබෙන බව ද අජිත් රෝහණ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...