දේශීය පුවත්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් රෝගීන් බවට පත්කර මැතිවරණය නොපැවැත්වීමේ උත්සාහයක මැතිවරණ කොමිසමේ සාමාජීක මහාචාර්ය රත්නජීවන් හූල් මහතා නිරතවන්නේ දැයි සැකයක් මතුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“මැතිවරණ කොමිසමේ කාර්යභාරය වෙන්නේ වෛද්‍ය නිර්දේශවලට අනුගත වෙමින් හැකිතාක් ඉක්මනින් ජනතා පරමාධිපත්‍ය රැකෙන පරිදි කටයුතු කිරීමයි.

දැන් මැතිවරණ කොමිසමේ තිබෙන අර්බුදකාරී තත්වයන් නිසා අද කණගාටුවට කරුණක් වෙලා.

එනම් කොමිසමේ සාමාජිකයෙක් ගැන සාධාරණ සැකයක් මතුවෙලා. මැතිවරණ පසුබිම නැතිකරන්න කටයුතු කරනවා.

මැතිවරණ කොමිසමේ අත්‍යාවශ්‍ය ලක්ෂණය වන්නේ ස්වාධිනත්වයයි.

සම්පූර්ණයෙන් ම අපක්ෂපාතී විය යුතුයි.

එම ස්ථාවරයේ සිටින දේශපාලන පක්ෂත් ඉන්නවා.

මැතිවරණ කොමිසම විසින් ස්වාධිනව හා අපක්ෂපාතිව කටයුතු කරනවා කියලා එය ඉගැන්විය යුතුයි.

කාගේවත් අතකොලුවක් නොවන බව පෙන්විය යුතුයි.

මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා කොමිසමේ සාමාජිකයින්ට ඕනැම වේලාවක කොමිසමට ආහැකියි කියලා.

ඒ අයිතිය ඔවුන්ගේ පවුලේ අයටත් තිබෙනවා ද කියලා අහන්න කැමතියි.

ඔවුන්ට එහි යන්න අයිතියක් නැහැ.

නියෝජ්‍ය පොලිස්පතිතුමා කියනවා සියලු දෙනාටම නිතීය තාරාතිරමක් නොබලා ක්‍රියාත්මක කරනවා කියලා.

ඒ නිරෝධායන නීති කඩන පිරිසයි. දැන් 35 000ක් පමණ පිරිස අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

එතකොට මහාචාර්ය හූල් මහතාගේ පවුලේ උදවියට මේ නීතිය බලපාන්නේ නැද්ද?

ඔවුන් නිතීයට උඩින් ද ඉන්නේ.

මේ අයටත් නිතීය ක්‍රියාත්මක විය යුතුයි.

කොමිසමේ ගිනිපිටත දෙන්නේ නැහැලු.

හැබැයි එහි ගිනි පිටත ඇවිත් ඉවරයි.

කොමිසම එක ස්ථාවරයක නැහැ.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මත දෙකක් ඉදිරිපත් කරනවා.

මේ එක කොමිසමක් ද එසේත් නැතිනම් දෙකක්ද කියලා අහන්න කැමතියි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More