දේශීය පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරකහා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ වුවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැනීම බවයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීයසභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද (25) උඩුගම්පළ දී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවානම් අපි බලන්න ඕනේ මේ වෙලාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොහොමද ඡන්දය තියන්නේ කියන එක මිසක් කොහොමද ඡන්දය නොතියා ඉන්න කියන එක නෙමෙයි.

මේ වෙනකොටසෞඛ්‍ය බළධාරීන්  පවා කියලා තියෙනවා ඡන්දය තියන්න පුළුවන් කියලා.

එතකොට කොමිසමත් අහලා තියෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ වල අදහස.

කොහොමත් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළුවිය හැක්කේ වරකට එක් අයෙකුට පමණයි.

ඒ නිසා ඡන්දය මධ්‍යස්ථානවල දී මීටරයක දුර ආරක්ෂා කිරීම ගැටළුවක් නෙමෙයි.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජේ.වි.පි,දෙමළ ජාතික සන්ධානය කියන මේ රටට සතුරු බලවේගවලට අවශ්‍ය ඡන්දය කල් දාගන්න.

මොකද මේ අයට ජනතාව ඉදිරියට යන්න බැරි නිසා.

ඒ නිසා මේ උදවිය බලන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඡන්දය කල් දාගන්නයි.

යහපාලන ආණ්ඩුව බලය ඉන්නකම්ම බැලුවේ ඡන්ද කල් දාගන්න.

එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට වගේ ම සජිත් මහත්තයා අටව ගත්ත සමඟි ජන බලවේගයට තියෙන්නෙත් මැතිවරණ භීතිකාවක්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More