දේශීය පුවත්

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කරන්නේ නාවික හමුදා ගැටලුව ද තවමත් විසඳී නැති පසුබිමක විශාල වශයෙන් විදෙස් රටවල සිට පුද්ගලයින් පැමිණීම ගැටලුකාරී විය හැකි බවයි.

එනිසා ඉදිරියේ දී විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි රජය තීරණයක් ගනු ඇති බවයි ඒ මහතා පවසන්නේ.

ඉදිරි දින දෙක තුළ විවිධ සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ 50 ක් පමණ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් එම මාර්ගෝපදේශ තුළින් දැනුම් දීමට බලාපොරොත්තු වන බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More