දේශීය පුවත්

ලෝක ව්‍යාප්ත තර්ජනයක් ලෙස හඳුන්වනු ලබන ‘සොඩ්නොකිබ්’ නමැති කප්පම් මෘදුකාංගය යොදා එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර ජාලයට එල්ල වී ඇත.

මෙම සයිබර් ප්‍රහාරයෙන් පසුව ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩා පද්ධතිය (සර්වර්)කිහිපයක් ටෙලිකොම් ආයතනය විසින්ම ක්‍රියාවිරහිත කරනු ලැබීය. එසේ ක්‍රියාවිරහිත කර ඇත්තේ අභ්‍යන්තර මෘදුකාංගවලට හානි සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහාය.

නිවසේ සිට සේවය කරන ටෙලිකොම් ආයතනයේ නිලධාරීන්ට එහි පරිගණක ආරක්ෂණ පද්ධතියට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමත් සමග හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත.

මේ හේතුවෙන් සෙනසුරාදා (23දා) සිට ටෙලිකොම් නිලධාරීන්ට පරිගණක මගින් ආයතන පරිගණක දත්ත පද්ධතියට ඇතුළු නොවන ලෙස දන්වා තිබිණි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මගින් අධි අවධානම් මට්ටමේ සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු හඟවන්නේත් මෙම ප්‍රහාරය එල්ල වූ ඉකුත් 23දාමය.

මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන හැකර්වරුන් විසින් ලිපිගොනු සහ ෆෝල්ඩර කියවිය නොහැකි ලෙස ඒවා තම ග්‍රහණයට ගෙන යථාවත් කිරීමට කප්පම් මුදලක් ඉල්ලා සිටින බව සර්ට් ආයතනය පෙන්වා දී ඇත. මෙම කප්පම් මෘදුකාංගයේ එකම අරමුණ අහඹු දිගුවකින් ලිපිගොනු සංකේතනය කර ගොනු නැවත ලබා ගැනීම සඳහා කප්පම් මුදලක් ඉල්ලා සිටීම බවද ඔවුහු පෙන්වා දෙති. සර්ට් ආයතනය පෙන්වා දෙන්නේ සොචිෆොකිබ් වෛරසය විදුලි සංදේශ සේවා සපයන ෆිති සමාගම් සහ තොරතුරු තාක්ෂණ සේවා ඇතුළු සමාගම් රැසකට පහර දී ඇති බවත්, එමගින් සේවා කඩාකප්පල් කිරීම හා තොරතුරු අහිමි කිරීමත් බවය.

ටෙලිකොම් පාරිභෝගිකයන්ගේ අන්තර් ජාල දත්ත ඉක්මනින් කපාහැරීමක් සිදුවන බවට සයිබර් ප්‍රහාරයෙන් පසුව පාරිභෝගිකයන් දිගින් දිගටම පැමිණිලි කර තිබිණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි අභ්‍යන්තර මෙහෙයුම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ පණිවිඩයක් ටෙලිකොම් වෙබ් අඩවයේ පළ කර තිබිණි.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා ද ඇනහිට ඇත.

මේ අනුව 1212 සහ 0112121212 යන පාරිභෝගික සේවා දුරකථන අංකයන්ද 23, 24 දෙදින ක්‍රියාත්මක නොවූ අතර මේ නිසා ටෙලිකොම් පාරිභෝගිකයන් ද මහත් අපහසුතාවන්ට පත්ව සිටිති. එස්.එල්.ටී. වෙබ් අඩවියෙන් ද පාරිභෝගික සේවා ලබා ගැනීමට නොහැකි අතර ටෙලිකොම් ආයතනයේ සේවකයින් පවසන්නේ සයිබර් ප්‍රහාරය හේතුවෙන් එහි පරිගණක ක්‍රියාත්මක කිරීමට පවා නොහැකි තත්තවයක් මතුව ඇති බවයි.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More