විදේශ පුවත්

කියුබාව රහසක් හෙළි කරයි

May 25, 2020 10:32 am | Lanka Lead News

කියුබාවේ   කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් – 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී.

එම ඖෂධ නිපදවීමට සිය ජෛව තාක්ෂණ කර්මාන්තය සමත් වී ඇති බව කියුබාව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රට තුළ  කොවිඩ් මරණ අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වී ඇති බවයි.මේවන විට කියුබාවෙන් කොවිඩ් මරණ 81 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව  2000කට ආසන්න වේ.ඒ අතරින් 1600 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා තිබීම විශේෂත්වයකි.

කොවිඩ්-19 වසංගතයට ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමෙන් රට තුළ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට කියුබාව සමත්  විය.මාර්තු මාසයේ සිට එරට දේශසීමා , පාසල් සියල්ල වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ.

එමෙන්ම ජනතාවට නිවෙස් තුළටම වී සිටින ලෙසට රජය විසින්  උපදෙස් දෙනු ලැබුණි.

කියුබාව අද එම වැඩපිළිවෙලේ සාර්ථකත්වය භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

(ගාඩියන් ඇසුරෙනි )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More