ලබන ජුනි 01 වැනිදා සිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා දිවයිනට ඊයේ (25 දා) පැවසීය.
මේ වන විට පිට පළාත්වල සේවයට වාර්තා කිරීම සියයට පනහක් සහ කොළඹ සේවයට වාර්තා කිරීම සියයට තිස්තුනක් (තුනෙන් එකක්) ලෙස පවතින බවත් කොළඹ සම්පූර්ණයෙන්ම බස් ධාවනයට ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත බවට සෞඛ්‍ය අංශ මෙතෙක් සියයට සීයක්ම තහවුරු කර ප‍්‍රකාශ කර නැති බවත් ලේකම්වරයා කීවේය.
රටේ පවතින තත්වය ගැන සාකච්ඡුා කිරීමේදී සුබදායී බවක් පෙන්වන බවත් එය සැලකිල්ලට ගෙන ලබන ජුනි 01වැනිදා වන විට කොළඹ දිස්ත‍්‍රික්කය ද සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කිරීමෙන් පසු රටම සාමාන්‍ය තත්ත්වයට පත් වී පත්වී සුපුරුදු පරිදි සේවාවල නිරත පිරිස් සේවයට වාර්තා කරනු ඇතැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...