දේශීය පුවත්

කොරෝනා වෛරස රෝගය පාලනයත් සමග රට යළි විවෘත වන විට මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම ද උදාවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මැතිවරණයක් පැවැත්වීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරුවීමක් බවත් මැතිවරණ සිතියම හැකිලීම රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් අහිමිවීමක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

හෙතෙම මේබැව් පැවසූවේ ඊයේ (24දා) උදෑසන විද්‍යුත් මාධ්‍ය සමග පැවැති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ ද පැවසීය.

රාජ්‍ය සේවයේ පළමු නිලධාරියා ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් මහමැතිවරණය පැවැත්වීමට අදාළ රටේ සෞඛ්‍ය වාතාවරණය පිළිබඳව මගෙන් ලිඛිතව විමසීමක් කළා.

ඒ සඳහා රටේ පවතින සෞඛ්‍ය පසුබිම පිළිබඳව මා තොරතුරු දැනුම් දුන්නා. එය සිදුකළේ දේශපාලන කෝණයකින් බලා නොවෙයි.

රට යළි විවෘත වුවත් කොරෝනා රෝග අවදානම අඩු වන්නේ නැහැ. එනිසා වෙනදා මෙන් නොව අප එදිනෙදා කටයුතු කරන විට රෝග පාලනයට අදාළ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. ඒ සඳහා නිරෝධායන නීති තදින්ම ක‍්‍රියාත්මක කළ යුතුයි.

කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත් භයානකයි.

කොරෝනා වෛරස රෝගය පාලනයත් සමග රට යළි විවෘත කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. එබැවින් ඒ සඳහා බලපෑම් නොකරන ලෙස ඇතැම් දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අනුගමනය කරන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශයන්. එසේ තිබියදී ඇතැම් දේශපාලඥයින් රටේ විවිධ අංශ කඩිනමින් විවෘත කරන ලෙස බලපෑම් කරනවා. රාජ්‍ය සේවකයින් ලෙස එය අපට දැඩි පීඩනයකි.

රාජ්‍ය නිලධාරියකු ලෙස වසර තිහක පමණ සේවා කාලයේදී කටයුතු කළේ ස්වාධීනවයි. දේශපාලන පක්ෂවල අවශ්‍යතා අනුව සෞඛ්‍ය තීන්දු තීරණ ගත්තේ නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More