පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවේ තීන්දුවෙන් පසුව ප‍්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව විපක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනුකළ අතර එම පෙත්සම් මේ දිනවල විභාග වෙමින් පවතියි.
මහ මැතිවරණය කොරෝනා වසංගත අවදානම සම්පූර්ණයෙන් පහව නොගිය තත්වයක් යටතේ වුවද පැවැත්වීමට හැකි වන ආකාරයේ විශේෂ උපමාන ඇතුළත් යෝජනාවලියක් කොමිසම සකස් කර ඇති අතර ඒ පිළිබඳව නඩු තීන්දුවෙන් පසුව තීරණයක් ගැනීමට නියමිතය.
එමෙන්ම මැතිවරණය පවත්වන දිනය හා මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව ද නඩු තීන්දුවෙන් පසු තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම සූදානම් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...