විදේශ පුවත්

නව කොරෝනා වයිරසයේ මූලාශ්‍රය සොයාගැනීම සඳහා ගන්නා ඕනෑම ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට චීනය විවෘත යැයි එරට විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවැසීය.

ජාත්‍යන්තර සහයෝගීතාව ඇතිව නව කොරෝනා වයිරසයේ හඳුනාගැනීම සඳහා කෙරෙන ඕනෑම විමර්ශනයකට චීනය සහාය දෙන බව ද හෙතෙම කීය.

කෙසේ නමුත් එම ඕනෑම විමර්ශනයක් ‘‘දේශපාලන මැදිහත්වීම්වලින්’’ තොරව සිදුවිය යුතු යැයි ද ඔහු කීය.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු නිර්මාණය කරමින් චීනයේ කීර්තිනාමයට හානි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් දේශපාලනඥයන් උත්සාහ කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

ඒ.එෆ්.පී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More