දේශීය පුවත්

කැළණි විශ්ව විද්‍යාලයේ උපකුලපති තේරිම සඳහා කවුන්සිල ඡන්දය පවත්වා මාස ගණනකට පසුව මේ වන තුරු උපකුලපති පත් නොකර ඒ වෙනුවට වැඩ බලන උපකුලපතිවරුන් තාවකාලික පදනමින් පත් කිරීම නිසා විශ්ව විද්‍යාලය තුල අවුල් රාශියක් ඇති වී ඇතිබව ආචාර්ය සංගමය පවසයි.

ලංකා ලීඩ් ඇමතූ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු සඳහන් කළේ ඡන්ද පිළිවෙළට ජයග්‍රාහී අපේක්ෂකයින්ගේ නම් 03 ක් ජනාධිපති තුමාට යැවූ පසු සුදුසු එක් අයෙක් පත් කිරීමේ බලය ජනාධිපතිතුමා සතු බවය.

එහෙත් නව ක්‍රමයකට උපකුලපතිවරුන් පත් කළ යුතු බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නව ක්‍රමයක් හඳුන්වාදීමට උත්සහාකරන බැවින් පත් කිරිම් පමා වී ඇති බව වාර්තා වේ.

හතරවැනියාට ඡන්ද ලබාගත් පරාජිත සහ දූෂණ චෝදනා එල්ල වී පුද්ගලයෙකු උපකුලපති තනතුරට පත් කිරීම සඳහා නව නිර්ණායක සකස් කරන බවට ද ආචාර්යවරු චෝදනා කරති. එම පුද්ගලයා අගමැති කාර්යාලයේ ප්‍රබලයෙකු සමඟ තිබෙන මිත්‍රත්වයක් නිසා මෙම බලපෑම් සිදුවන බවටද චෝදනා එල්ල වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More