දේශීය පුවත්

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර  අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයට  හා ලංකා ගමනා ගමන කොමිසමට උපදෙස් ලබා දී තිබේ.

මෙම බස් රථ සේවා ආරම්භ කරනුයේ සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව වේ.

එමනිසා මෙම මස 26 දින සිට කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කිරීමට ලංගම හා ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන ඇත.

අද දින (24) පෙරවරුවේ ජාතික ගමනාගමන කොමිසමේ දී සාකච්ඡාවක් පැවැති අතර එහිදී තීරණ කිහිපයක් ගනු ලැබීය.

  • මාර්ග පහක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නො කෙරේ.
  • නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණි.
  • කොළඹ 05 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කෙරේ.
  • ගාලුපාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර තෙක් පමණි. 
  • අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හා ලෝ ලෙවල් පාරේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කළ යුතුය. 
  • අනුරාධපුර – පුත්තලම  හා  කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කළ යුතුය. 
  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණි. 
  • බස් රථ ධාවනය පෙරවරු 4.30ට ආරම්භ කෙරෙන අතර අවසන් වේලාව පස්වරු 6.00 වෙයි. 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More